IMG-LOGO

නේටෝ මහ ලේකම් ජනපති ට්‍රම්ප් හමුවෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ග්‍රීන්ගන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවටත්, ලෝකයේ ආරක්ෂාවටත් අවශ්‍ය බව පැවැසීය. ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස කිසිසේත් බැහැර කර නැතැයි ට්‍රම්ප් අවධාරණය කළේය.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම්, මාර්ක් රූට්, ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරයට පැමිණියේ, රුසියන් යුක්රේන යුද්ධය ගැනත්, ට්‍රම්ප් සහ ‘නේටෝ’ සංවිධානය අතරේ පවතින මත ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක්වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.

ග්‍රීන්ලන්තය ස්වයං පාලන ප්‍රදේශයක් වුවත්, එහි අයිතිය ඇත්තේ ඩෙන්මාර්කයටය. ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට පවරා ගැනීම සම්බන්ධයෙන් තමන් කිසිදු අදහසක් පළ නොකරන නමුත්, ට්‍රම්ප් පවසන ආකාරයට ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පමණක් නොව ලෝකයේ ආරක්ෂාවට අත්‍යාවශ්‍ය යැයි නේටෝ මහ ලේකම්වරයා අවධාරණය කළේය.

(අල් අසීරා)



අදහස් (0)

නේටෝ මහ ලේකම් ජනපති ට්‍රම්ප් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 9 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15420 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 521 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site