
ආමේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෙෂින්යාන්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි බලකරමින් විරෝධතා පැවැත්වෙයි.
විරෝධතා පැවැත්වෙන්නේ ආමේනියාවේ යෙරවාන් අගනුවර රිපබ්ලික් චතුරස්‍රයේදීය.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක් රිපබ්ලික් චතුරස්‍රයට එක් රොක් වී සිටි බව මාධ්‍ය වාර්තා කරයි.
ආමේනියාවත් අසල්වැසි අසර්බයිජානයත් අතරේ ගැටුම් පවතී. ඒ, දෙරටම අයිතිය ඉල්ලන ‘නගොර්නෝ කරබාක්’ පළාත මුල්කොට ගනිමිනි. මෙම පළාතේ ප්‍රදේශ කීපයක් ඇත්තේ අසර්බයිජානය සතුවය. ‘නගොර්නෝ කරබාක්’ පළාතේ මුල් පදිංචිකරුවන් වන්නේ වාර්ගික ආමේනියානු වැසියන්ය.
අසර්බයිජාන් හමුදාවට එරෙහිව ‘නගොර්නෝ කරබාක්’ පළාතේ ආමේනියානු බෙදුම්වාදී සටන්කාමීන් සටන් වදී. ආමේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෙෂින්යාන් ප්‍රමුඛ රජයෙන් ඔවුන්ට කිසිදු ආධාරයක් ලැබෙන්නේ නැත.
ආමේනියානු වැසියන්ගේ විරෝධයට හේතුව මෙයයි. අග්‍රමාත්‍යවරයාට වඩා ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල වන්නේ මේ නිසාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.