IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.

කෙජ්රිවාල් දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. ඔහුගේ 'ආම් ආද්මී' පක්ෂ පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී පක්ෂයක් ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිනි.

කෙසේ නමුත් කෙජ්රිවාල්ට දූෂණ චෝදනා එල්ල විය. ඒ, මත්පැන් අලෙවි කිරීමේ දී දිල්ලි ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. කෙජ්රිවාල් මාස 5 ක් බන්ධනාගාරගතව සිටියේය. එල්ල වන චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි. අධිකරණයෙන් ඔහුට ඇප නියම වී ඇත.

මහ ඇමැති ධුරයෙන් ඉවත් වෙමින් කෙජ්රිවාල් පවසා ඇත්තේ මීළඟ ප්‍රාන්ත මැතිවරණයෙන් 'ආම් ආද්මී' පක්ෂයට ජනවරමක් හිමිවුවහොත්, එම ජන වරමට හිස නමමින් තමා යළි දිල්ලි මහ ඇමැති ධුරය බාර ගන්නා බවය. තමන් කිසිදු වරදක් කර නැති නමුත්, තමන්ට ජනතා විශ්වාසය අවශ්‍ය යැයි ඔහු පවසා තිබේ.

පුරප්පාඩු වුණු මහ ඇමැති ධුරය, 'ආම් ආද්මී' පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම කෙජ්රිවාල්ගේ සමීපතම සගයකු වන අතීෂීට ලබා දී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 312 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1618 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site