
ඉන්දුනීසියානු භූමිකම්පාවට හසුවී, දින දෙකක්, නිවසේ සුන්බුන් අතරේ සිරවී සිටි හය හැවිරිදි කුඩා දරුවකු මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.
අස්කා මෞලානා මලීක් නමැති මෙම දරුවා චියැංජූර් නගරයේ පදිංචිකරුවෙකි. පසුගිය 21 වැනිදා ප්‍රබල භූමිකම්පාව හටගත්තේ චියැංජූර් නගරය කලඹමිනි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ 5.9 ක් ලෙසය.
ඇඳේ මෙට්ටය දරුවාට ආරක්ෂාව සලසා ඇති බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. දරුවා අසල ඔහුගේ මියගිය අත්තම්මා සිටි බව ද පැවැසෙයි. භූමි කම්පාව හටගත් අවස්ථාවේදී ඇය පෙට්ටය දරුවාගේ සිරුර මතට දමා ඔහු බේරා ගන්න ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් වැඩි දුරටත් පවසා ඇත.
භූමි කම්පාවෙන් මියගිය ගණන 280 ට ආසන්න වී තිබේ. තවමත් 41 ක් අතුරුදන් බව පැවැසෙයි. ඔවුන් ද මියගොස් ඇතැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවෙයි. භූමි කම්පාව හේතුවෙන් තුවාල ලැබූ ගණන 2,000 කි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
632
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දින දෙකක් සුන්බුන් අතරේ සිරවී සිටි දරුවෙක් බේරා ගනී