IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


දෙවරක් සඳට ගිය ජිම් ලොවෙල් සමුගනී

ඇපලෝ 8 සහ ඇපලෝ 13 යන ගගන මෙහෙයුම්වලින් දෙවරක් සඳට ගිය සහ එක් වරක්වත් සඳට පය තැබීමට නොහැකි වූ පළමු මිනිසා ලෙස සැලකෙන නාසා ගගනගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 97 කි.

 සිය නිවසේ දී, පවුලේ ආදරණීයයන් අසල සිටිද්දී, ලොවෙල් අවසන් සුසුම් හෙළූ බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ලොවෙල් උපන්නේ, 1928 වසරේදීය. 

1968 දී සිදු කළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳට ගිය ඇපලෝ යානයේ සිටි ගගනගාමීන් තිදෙනාගෙන් කෙනකු වූයේ ලොවෙල් ය. ඇපලෝ 8 මෙහෙයුම සඳ බලා ගියත්, සඳ මතට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුමක් නොවීය. ලොවෙල් 1970 දී ඇපලෝ 13 මෙහෙයුමේ, ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඇපලෝ 13 මෙහෙයුමට අයත් යානය, සඳ බලා යද්දී අතරමඟදී අකරතැබ්බකට මුහුණ දුන්නේය. ආපසු ආරක්ෂිතව පෘථිවය බලා පැමිණියේ ලොවෙල්ගේ නායකත්වයෙනි.



අදහස් (0)

දෙවරක් සඳට ගිය ජිම් ලොවෙල් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14716 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 444 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site