
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් තෑගි වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් ආන්දෝලනයක් ඇති බැවිනි.
කිම් කියෝන් හේ, වාන් මිලියන 3 ක් වටිනා මෙම අත්බෑගය බාර ගන්නා වීඩියෝ දසුන් රහසිතගත පරිගත කර ඇති අතර, එම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෙය සිදුවී ඇත්තේ 2022 වසරේදීය. වීඩියෝව ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ වාමාංශික විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
තම බිරිඳගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින අතරම, එය විපක්ෂ ක්‍රියාකාරීන් තම බිරිඳ හිතාමතා අමාරුවේ දැමමීට කළ උත්සාහයක් බව ද පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ එවැනි දේවල් සිදුවුණත්.. ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
අපෝ ඕවා මොනවද අපේ හිටපු ජනාධිපති ඩොලර් බිලියන 18.5ක් හොරකම් කළා කියන්නේ වර්‍රථමාන ආණ්ඩුව විසින්...