
තායිවාන හිටපු ජනාධිපතිවරයකු වන මා යිංග් ජෝ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
තායිවානය, චීනය අසල පිහිටා ඇති කුඩා දූපත් රාජ්‍යයකි. තායිවානයට ඇත්තේ වෙනම පාලනයකි. චීනය තවමත් සලකන්නේ එය චීනයේ කොටසක් ලෙසය. වර්තමාන තායිවාන රජය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමන කරයි.
තායිවාන හිටපු ජනාධිපතිවරයකු වන මා යිංග් ජෝ චීන හිතවාදියෙකි. ඔහු 2018 සිට 2016 තෙක් කාලයේ තායිවාන ජනාධිපති ධුරය හෙබවීය. මා යිංග් ජෝ, දින 11 ක චීන සංචාරයක් ආරම්භ කරනු ඇති බවත්, එම සංචාරය අතරතුරේ ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd