IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


තෙවැනි චාල්ස් රජු ලියෝ පාප්තුමා හමුවෙයි

තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් බිසව, 14 වැනි ලියෝ පාප්තුමා හමුවූහ. ඒ නිල සංචාරයක් ආරම්භ කරමින් රෝමයේ වතිකානයට  පැමිණීමෙන් පසුවය

ඊයේ (23) දිනයේ චාල්ස් රජ සහ කැමිලා පාකර් බිසව පාප්තුමා සමඟ විශේෂ දේව මෙහෙයකට ද සහභාගී විය. බ්‍රිතාන්‍ය රාජකීයකු මේ අයුරින්, පාප්තුමා සමඟ විශේෂ දේව මෙහෙයකට සහභාගී වූයේ වසර 500 කට පසුව වීම විශේෂත්වයකි.

එංගලන්ත පල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ චාල්ස් රජුය. දේව මෙහෙය පැවැත්වූයේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේය. 1534 දී අටවන හෙන්රි රජු රෝමයෙන් වෙන් වූ දා සිට, ඉංග්‍රීසි රාජාණ්ඩුවක් සහ කතෝලික පාප් වහන්සේ නමක් ඇතුළත් වූ පළමු ඒකාබද්ධ දේව මෙහෙය මෙය ලෙස සැලකකයි.

කතෝලික පල්ලිය සහ එංගලන්ත පල්ලිය අතර ඇති ප්‍රධාන වෙනස නම් ඇංග්ලිකන්වරුන් පාප් වහන්සේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ ප්‍රධානියා ලෙස හඳුනා නොගැනීමය. ඒ වෙනුවට, එංගලන්ත පල්ලියේ ප්‍රධානියා වන්නේ බ්‍රිතාන්‍යයේ රජුය. එංගලන්ත පල්ලියේ ඉහළම ශ්‍රේණියේ පූජකවරයා වන්නේ කැන්ටබරිහි අගරදගුරුතුමාය.



අදහස් (0)

තෙවැනි චාල්ස් රජු ලියෝ පාප්තුමා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site