IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


තෙවැනි චාල්ස් රජු කැනඩා අගමැති හමුවෙයි

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු දෙදින නිල සංචාරයක් සඳහා කැනඩාවට පැමිණ සිටී. ඔටෝවා නුවරදී චාල්ස් රජු සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නී අතරේ හමුවක් පැවැත්විණි. 

තෙවැනි චාල්ස් රජු සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නී අතරේ මේ අයුරින් මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කැනඩාවට තර්ජන එල්ල වෙද්දී, කැනඩාවට පූර්ණ සහාය ලබා දෙන බව තහවුරු කරමින් තෙවැනි චාල්ස් කුමරු මෙසේ කැනඩා අග්‍රාමාත්‍යවරයා හමුවූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. චාල්ස් රජු කැනඩා අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණියේ ද කැනඩා අග්‍රාමාත්‍යවරයා කළ ඇරැයුමක් පිළිගනිමිනි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. කැනඩාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ, ලිබරල් පක්ෂයයි. මාර්ක් කාර්නී ලිබරල් පක්ෂ නායකයා ලෙසත් අග්‍රාමාත්‍යවරයා ලෙසත් තේරී පත් වූයේ පක්ෂ අභ්‍යන්තර ඡන්දයෙනි. පසුගිය මාසයේ කැනඩා මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් ද ලිබරල් පක්ෂයට ජය හිමිවිය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩාව අතරේ අර්බුදයක් පවතින්නේ, අසල්වැසි කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් කර ගැනීමට තමන් කැමැති බව ට්‍රම්ප් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.

මේ වනවිට ට්‍රම්ප්, කැනඩාවට තීරුබදු පැනවීමක් ද කර ඇති අතර, එය කැනඩා ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් ද එල්ල වී අවසන්ය. කැනඩා වැසියන් මාර්ක් කාර්නී ප්‍රමුඛ ලිබරල් පක්ෂයට ජනවරමක් ලබා දුන්නේ, කාර්නී ට්‍රම්ප්ගෙන් එල්ල වන අභියෝගවලට නැගී සිටි දේශපාලනඥයකු බැවිනි. මීට සති කීපයකට පෙර අග්‍රාමාත්‍ය කාර්නි, වොෂින්ටනයට ගොස් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීය.



අදහස් (0)

තෙවැනි චාල්ස් රජු කැනඩා අගමැති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 151 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15811 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site