IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැති ජන රැලියක් අමතමිනි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දු පාකිස්තාන ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඩන්දියාවට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇති නමුත්, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන කිසිවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනරැලිය අමතමින් පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි

saman Tuesday, 13 May 2025 06:01 PM

මගුලක් කියනවා. එහෙනම් ඔබතුමන්ව එල්ලා මරන්න කියන්නත්‍රස්තවාදයේ පියා ඔබ...!

:       1       6

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 13 May 2025 06:34 PM

සමහර පාලකයින්ට තිබෙන ලෙඩක් තමා මැතිවරණයක් ලංවෙද්දී ත්‍රස්තවාදය, රට අනතුරේ, ජාතික ආරක්ෂාව

:       2       12

ගුණරත්න Tuesday, 13 May 2025 10:00 PM

මෝදී අගමැතිතුමා හරි, ත්‍රස්තවාදීන්ට සමාවක් දිය යුතු නැහැ

:       0       0

Ariyathilaka Tuesday, 13 May 2025 11:28 PM

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් නොදෙන බව නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටීම අගනේ ය. හේතුව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී දෙමළ ත්‍රස්ත කල්ලි කීපයකට ම යුද පුහුණුව ලබා දුන්නේ ඉන්දියාව බැවිනි. ලංකා භූමිය බෙදා වෙන් කිරීමට උත්සාහ කළ, ත්‍රස්තයින්ට ගිනි අවි පුහුණුව ඇතුලු හමුදා සටන් පුහුණුව ලබා දීමෙනි. එල්ටීටීඊ සංවිධානය, ඊරොස් සංවිධානය, ටෙලෝ සංවිධානය, ආදී ත්‍රස්ත සංවිධාන ගණනාවකට පූර්ණ හමුදා පුහුණුව ලබා දී ශ්‍රී ලංකා භූමිය බෙදවෙන් කිරීමට ත්‍රස්තවාදය බල ගැන්වූයේ ඉංදියාව ය. එම දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය ක්‍රමයෙන් බලවත් වී මහත් යුදමය වශයෙන් වැඩී ගොස් ලංකා භූමිය මහත් ඛේදවාචකයකට පත් කළේ ය. අද එම දෙමළ බෙදුම්වාදය යුදමය වශයෙන් පරාද වුවත් එම ත්‍රස්තවාදී බෙදුමවාදයේ පරමාර්ථය වන උතුර නැගනහිර බෙදා වෙන් කිරීමේ අරමුණ, එම දෙමළ බෙදුම්වාදය අනුව යන දෙමළ ඩයස්පෝරාව අත් හැර නැත. එසේ නම් යුදමය වශයෙන් දෙමළ ත්‍රස්ත කල්ලි පුහුණු කළ ඉන්දියාව ද එයට වගකිමෙන් බැහැර කළ නො හැක. දෙමළ ත්‍රස්ත්වාදීන පරාද නො කරන්න අද උතුර නැගනහිර බෙදුම් වාදීන් ඇතේ ය. දැන් එය අන්තර් ජාතික වශයෙන් කුමන්ත්‍රණ කරමින් ඇත.

:       0       0

chandima Wednesday, 14 May 2025 07:38 AM

ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ ගේමක් දීලා චන්දෙ දිනන්න බලාගෙන අන්තිමේ උනේ යුද්ධ ගුවන් යානය කියලා අරන් තියෙන්නේ පොඩි උන්ට සෙල්ලන් කරන්න අරන් දෙන ගුවන් යානා කියලා ඔප්පු උන එක විතරයි නේද? ඒ යානා ගණුදෙනුවෙනුත් ගානක් ගසා කාළාද දන්නේ නැහැ මෙහෙ වගේ. අරන් තියෙන්නේ අස්ප ගණන් වලට කියනවාලු නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26629 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18164 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10870 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 615 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 180 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site