සටන් විරාමයකට එකඟ වී සිටියදී, කාම්බෝජ හමුදා දේශසීමා හරහා පහර දී අල්ලා ගත් තායිලන්ත සෙබළුන් 20 දෙනා යළි තමන්ට බාර දෙන්නැයි තායිලන්ත රජය, කාම්බෝජයෙන් ඉල්ලීමක් කර ඇත.
කාම්බෝජ හමුදාව, මෙම තායි සෙබළුන් 20 දෙනා අල්ලාගෙන ඇත්තෙ තායිලන්ත සහ කාම්බෝජ නායකයන් කොන්දේසි විරහිත සටන් විරාමයකට කැමැත්ත පළ කර පැය කීපයක් යද්දීය. එම අවස්ථාfවේදී සටන් විරාමය උල්ලංඝනය කරන බවට ද තායිලන්තය කාම්බෝජයට චෝදනා නැගුවේය.
සෙබළුන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්, තායිලන්ත රාජකීය හමුදාව සහ කාම්බෝජ හමුදාව අතරේ සාකච්ඡා පැවැත්වෙන බව කාම්බෝජ ආරක්ෂක අමත්‍යාංශය නිවේදනයක් නිකුක් කරමින් පැහැදිලි කර ඇත.
සටන් විරාමයකට තායිලන්ත සහ කාම්බෝජ නායකයන් එකඟත්වයක් ඇති කර ගැණුනේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. දේශසීමා ගැටුම් උත්සන්න වෙද්දී, සටන් විරාමයක් සඳහා තායිලන්තය සහ කාම්බෝජය එකඟ කර ගැනීමට මැදිහත් වූයේ ඇමෙරිකාව, චීනය සහ මැලේසියාවය.
ක්වාලාලාම්පූර් නුවර පැවැති සාකච්ඡා සඳහා කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මනෙත් සහ ඔහුගේ නියෝජිතයෝ ද තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය පුම්තාම් වෙචායචායි සහ ඔහුගේ නියෝජිතයෝ ද සහභාගී වූහ. තායිලන්තය සහ කාම්බෝජය අතරේ, සිවු දිනක් පුරා පැවැති අවි ගැටුම්වලින්, 33ක් ජීවිතක්ෂයට පත්වූහ. අවි ගැටුම් ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය.
ගැටුම් උත්සන්න වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට මැදිහත් විය. ගැටුම් වහා නවත්වන ලෙස ට්‍රම්ප් තායිලන්තයටත්, කාම්බෝජයටත් තර්ජනය කළේය. එසේ නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය සහ කාම්බෝජය සමඟ කිසිදු ගනුදෙනුවක් ඇති කර නොගන්නා බව ද ට්‍රම්ප් පැවැසීය. එසැණින්, සාකච්ඡා සඳහා යොමු වීමට තායිලන්තය සහ කාම්බෝජ නායකයෝ කැමැත්ත පළ කළහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තායිලන්ත සෙබළු 20 ක් කාම්බෝජ හමුදා ග්‍රහණයේ