
පරිසරයට ආදරය කරන, පරිසරය සහ සතුන් ගැන ලොවට කියා දෙමින් වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන, ජීව විද්‍යාඥයකු ස්වභාවික ඉතිහාසඥයකු සහ ලේඛකයෙකු ද වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ, පසුගිය දා 52 වැනි වරට පැවැත්වුණු ‘ඩේටයිම් එමී’ සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝට මෙම සම්මානය හිමිවූයේ ‘සීක්‍රට් ලයිව්ස් ඔෆ් ඔරන්ඌටන්’ නමැති ඔරන්ඌටන් වානරයන් සම්බන්ධ වාර්තා වැඩසටහන වෙනුවෙනි.
බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝගේ වයස අවුරුදු 99 කි. ඒ අනුව, ‘ඩේටයිම් එමී’ සම්මානයෙන් පිදුම් ලැබූ වයස්ගතම තැනැත්තා ලෙස ඇටන්බරෝ වාර්තා අතරට එක් වෙයි.
‘ඩේටයිම් එමී’ යනු ඇමෙරිකන් සම්මාන උළෙලක් වන ‘එමී’ සම්මාන උළෙලේ දිගුවකි. ‘එමී’ සම්මාන ප්‍රධානය කෙරෙන්නේ රූපවාහිනියේ විනාශය වන වැඩසටහන් ඇගයීමට ලක් කරමිනි.
‘ඩේටයිම් එමී’ යනු දිවා කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශය වන වාර්තා වැඩසටහන් ද ඇතුළු අනෙකුත් වැඩසටහන් සඳහා සිදුවන සම්මාන ප්‍රදානයයි.
52 වැනි ‘ඩේටයිම් එමී’ සම්මාන උළෙල පැවැත්වූයේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පැසඩේනාහිදීය. සම්මානය ලබා ගැනීමට ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ පැමිණ සිටියේ නැත.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩේවිඩ් ඇටන්බරෝට සම්මානයක්