IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ට්‍රම්ප් දඩ කයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති බවටත්, එම සම්බන්ධය වසං කිරීමට ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල් ට මුදල් ලබා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ. 

එම චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. අධිකරණයට අපහාස කළේ යැයි ට්‍රම්ප්ට දඩ නියම වූයේ මෙම නඩු විභාගයට අදාලවය.

ට්‍රම්ප් පසුගිය දා මෙම නඩු විභාගයට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඒ ඔහුගේ සමාජ මාධය ඔස්සේය. අධිකරණය දඬ නියම කළේ එම පිරිස විවේචනය කරමින් ට්‍රම්ප් අධිකරණයට අපහාස කළ බවටය. 

ඉදිරියටත් මෙලෙස අධිකරණයට අපහාස කළහොත්, ට්‍රම්ප්ට සිරදඬුවම් නියම කිරීමට පවා තමන් සූාදනම් බව විනිසුරුවරයා පවසා ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන්නේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඇති බැවිනි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපති, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතරේය.



අදහස් (2)

ට්‍රම්ප් දඩ කයි

de silva Wednesday, 01 May 2024 03:10 PM

ඇමෙරිකාවෙත් බයියෝ ඉන්නවා? මේකට ඡන්දෙ දෙන, සැඟවුණු බයියන් අමතක කරන්න එපා...!

:       13       17

Dasa PWednesday, 01 May 2024 05:30 PM

බයියන් කියන ජාතිය කොයි රටේත් ඉන්නවා. ඇස් ඉදිරිපිට ගල් පැලෙන බොරු කිව්වත් හොරකම් කරලා අහුවුණත් බයියන්ට මහ හොරු වගේ තමයි...

:       3       11

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?
2024 මැයි මස 21 360 0

2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්ව


තායිවාන නව ජනපති දිවුරුම් දෙයි
2024 මැයි මස 21 120 0

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි දිවුරුම් දෙමින් චීනයෙන් ඉල්ලීමක් කළේය. නව ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තායිවානයට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන


ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ
2024 මැයි මස 21 1310 0

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර


ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 752 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 6842 32

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන ව


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 4137 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2400 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2060 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site