
ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමැතිගේ අවසන් දසුන් ...
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්න ඇති බව ඔවුහු අනුමාන කරති.
අසර්බයිජානයේ නැගෙනහිර සහ බටහිර පළාත් ඉරානය සතුය. ජනාධිපති රයිසි අතුළු පිරිස නැගෙනහිර අසර්බයිජානයට ගියේ එහි වේලි දෙකක් විවෘත කිරීමටය. අසර්බයිජාන ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.
අනතුරට පත් වෙද්දී, ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ සිට යළි ඉරානයේ ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබුණි.
ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු පැවැසූහ.
63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.
(ප්‍රෙස් ටීවී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලිකොප්ටර් දෙයියෝ මෙහෙටත් වඩීවා
ප්‍රගතිශීලී නායකයෙක් ඉරානයට ලැබේවා!
ඉරාන ජනතාව වෙත බලවත් සංවේගය පල කරමු ! කිසියම් ප්‍රහාරය ක් නම් අතිශය බිහිසුණු තත්ත්වයක් මැද පෙරදිග ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා .
ලංකාවේ පාලකයන්ටත් රටට-ජනතාවට කරනලද සහ කරමින් පවතින යුග මෙහෙවරට, දිව්‍යලෝකයට යන්නට ඉක්මන් වරම් ලැබේවා ලැබේවා ලැබේවා !!!
යුදෙව් මෙහෙයුමක් වගෙයි. පස්සෙ තොරතුරු ලැබෙයි. අල්ලාහු ආක්බාර්!
අනේ ,රනිල් රාජපක්ෂත් ඔය වගේම හෙලිකොප්ටර් එකක අවසන් ගමන් යැවේවා
ඊළඟට, පුටින්
බොහෝම කණගාටුදායක පුවතක්. ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
නිවන් සුව ලැබේවා !
එඩිතර නායකත්වය ,අපගේ උපහාරය, සැබෑ මිතුරෙකු අහිමිවිය. මේ රටේ බොල් පිළිම සමඟ බලන කල මොවුන් රන් පිළිම වේ.
ඔහුගේ නික්මයාම පිළිබඳ අපටත් කම්පනයක් ඇතිවුණා. ඔහු පැතූ ලොව ගොඩනැගීමට ඉරානයට හැකිවේවා..!
නිවන්සුව ලැබේවා...!
පුරවැසියන්ගේ ඇත්ත නම සේපාල අමරසිංහ කියලාමයි මට හිතෙන්නේ
රටේ ජනතාවට ආදරේ කරන නායකයෝ
දෙදෙනාගේ අවසන් දසුන් දැක්කම එකාට එකෙක් නැතුව හිටියද කියලා පේන්නෙ හිතෙනවා බලන්නකො විදෙස ඇමතිවරයා රවාගෙන අහක බලාගෙන ඉන්නෙ තරහෙන් පුපුරමින් නේද කියලා
1897 දී ලංකාද්වීපයේ මුහුදු බඩ පළාත් අල්ලා ගත් මහා බ්‍රිතාන්‍යයෝ 1815 මාර්තු 02 වෙනි දින (හෝ ආසන්න දිනයක) ජෝන් ඩොයිලි විසින සකසන ලද “උඩරට ගිවිසුම” නම් අනීතික කූට ලියවිල්ල මගින් ලංකා භූමිය ම තම පාලනයට නතු කර ගත්හ. මෙරට පාලනයට කිසිදු හිමි කමක් නැති බ්‍රිතාන්‍යයෝ එදවස පටන් සම්බුදුරදුන්ගේ ශාසනයට පටහැනි ලෙස මෙරට පාලන බලය හැසිර වූහ. “ඉර නොබසින අධිරාජ්‍ය” යනුවෙන් හැදින්වූ මහා බ්‍රිතාන්‍යයට, අවසානයේ ඉරු බසින තැනට පත් විය. උඩරට ගිවිසුමේ 2 වෙනි සහ 3 වෙනි වගන්තිවලින් ලක් කිරුළේ උරුම කරුවන්ට සහ ලක් කිරුළට උරුම අයිතිආසිකම් ඇති ඥාති හෝ උරුම ගෝත්‍රවලට ලංකා භුමියේ ජීවත් විම සහ ඇතුල් වීම වළක්වා එංගලන්ත රජ කුලය පමණක් බබළවා සිටීමට කටයුතු කළහ. අවසානයේ වූයේ කුමක් ද? ඉරු නො බසින අධිරාජ්‍යය පල්ලම් බැස්සේ ය. අද වන විට එකී රජ පවුල පොල්කට්ටක පමණට ලඝු විය. ලංකා රාජ්‍යය, භූමියෙන් කුඩා බව සැබෑ ය. ඒත් අධ්‍යාත්මයෙන් මහත් විශාල ය. සම්බුදු රදුන්ට මේ ලංකා භූමිය පූජා වී තිබීම ත් සම්බුද්ධ ශාසනය මේ ලක් දෙරණේ පිහිටීම ත් නිසා ය. මේ ලංකා භූමිය කෑලි කඩා පාලන ඒකක සෑදීමට, කැසකවන සහ එයට අනුබල දෙන ලොකු කුඩා
සැමට දැන ගැනීමට, නිතර සිහි එළවා ගැනීමට සුදුසු කියමනක් ඇත. එනම්;- “දෙවියන් පා තැබීමට බිය වන තැන්හි මෝඩයෝ පිනුම් ගසති” යනුවෙනි.
අපේ රටේ එහෙම ආරන්චියක් අහන්න නැත්තේ දූෂිත දේශපාලුවෝ දැන් වැඩිපුර එළියට බහින්ඩවත් බය හින්දා වෙන්ඩෑ..?
ජේවීපී එක නම් මේ ආරංචියෙන් සතුටු වෙනවා ඇති... මොකද ඇමරිකාවේ වුවමනාවට උමා ඔයට විරුද්ධ වෙච්චි අයනේ...!
ඉතාම කනගාටුවයි ලංකාවේ සමඟ ළඟින් හිටපු නායකයෙක්
මොහුගේ පාලන කාලයේදී යුක්තිය, සමානාත්මතාවය වෙනූවෙන් නිරායුධ සාමකාමී උද්ඝෝෂණ මුළු ඉරානය පුරාම පවත්වා රාජ්‍ය වධක, මිනීමරු හමුදාවෙන් දසවද විද, මරණයට පවා පත්වී, තමන් අදහන දෙවියන් ළගට ගිය ඉරාන අසරණයන් ලගටම අද්භූත මරණයකට ලක්වූ රටෙ මිනීමරු ජනාධිපතිවරයාත් ගෙන්වා ගැනීම දෛවයේ සරදමක් නොවේද ??? මෙලොවින් තවත් දරුණු මිනීමරු "රාජ්‍ය නායකයෙක්" තුරන් වුණා කියා, මුළු ලෝකයම සැනසුම් සුසුම් හෙලනු ඇත... ඉරානයට, ත්‍රස්තවාදයට උඩ ගෙඩි නොදෙන, සාමකාමී, සුබවාදී අනාගතයක් උදාවේවා...
අහින්සක ඉරානුවන්ට කළ අපරාධවලට පඩිසන් දුන්නා...
ලංකාවේ ජනාධිපතිට ඔහොම වාසනාවක් නෑ නේ..
මෙම ජෝකර්ට අවශ්‍ය වී ඇත්තේ ඊශ්‍රායලය පෘථිවි සිතියමෙන් අතුගා දැමීමටයි, නමුත් සර්වබලධාරී දෙවියන් වහන්සේ පවසන්නේ, මගේ දරුවා ඊශ්‍රායලය ස්පර්ශ කරන ඕනෑම කෙනෙක්; ඔහු මගේ ඇසේ ඇපල් ගෙඩිය ස්පර්ශ කරයි, සර්වබලධාරී දෙවියනි, යෙහෝවා දෙවියනි.
අපිට නැති වාසනාව..
එහෙ නැතිද චන්ද දිනලත් නැතිව වේලි වේලි ඉන්න කෙනෙක් ගෙනත් ජනපති කරලා පැසී මොකක් හරි අංචියක් ඇදලා දිගටම ඒ තනතුරේ තියාගන්න ක්‍රමයක් ?
මෙතනට දේශපාලනය අදින විතාන වගේ පිලිකා රටට ශාපයක්