IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ට්‍රම්ප් පුටින් හමුවට ඇලස්කාව සූදානම්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් හෙට (15) ඇලස්කාවේ ඇන්කර්ජ් නුවරදී පැවැත්වෙයි.

ඇන්කර්ජ්යනු ඇලස්කාවේ වැඩිම ජනගහනයක් ඇති නගරයයි. ට්‍රම්ප් පුටින් හමුව පැවැත්වෙන්නේ, ඇන්කර්ජ් නගරයේ උතුරු මායිමේ පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුරේය. ට්‍රම්ප් පුටින් හමුව නිමිත්තෙන් කඳවුරට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත. 

ට්‍රම්ප් පුටින් හමුවට පෙර, හමුවට පෙර මඟ සකස් කිරීමක් ලෙස ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ දෙරටේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි.

තමන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් හමුවීමට කැමැති බව රුසියන් ජනාධිපති පුටින් නිවේදනය කළේ හදිසියේය. ඒ අනුව, හමුව පැවැත්වීමට එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුර තෝරා ගැනුණි. එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් යනු ඇලස්කාවේ විශාලතම හමුදා කඳවුරය. මෙය ඇමෙරිකන් හමුදා කඳවුරකි. කඳවුර අක්කර 64,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතී.

හිමෙන් වැසුණු කඳු, අයිස් විල් සහ ග්ලැසියර මෙම කඳවුර වටා පිහිටා ඇති අතර, ශීත ඍතුවේදී, කඳවුර ආශ්‍රිත උෂ්ණත්වය රින සෙල්සියස් අංශක 12 තෙක් අඩු වෙයි. මේ වනවිට මෙම කඳවුර ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි.

එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන්හමුදා කඳවුර ඇමෙරිකාව විසින් පිහිටුවනු ලැබුවේ 1940වසරේදීය. ඒ, නිරවි යුද සමයේ ඇමෙරිකාවට සෝවියට් සමූහාණ්ඩුවෙන් තර්ජන එල්ල වෙද්දීය.උපායමාර්ගික පිහිටීම හේතුවෙන් මෙම කඳවුර ඇමෙරිකාව හමුදාවට අයත් වැදගත් හමුදා කඳවුරක් ලෙස සැලකෙයි.



අදහස් (0)

ට්‍රම්ප් පුටින් හමුවට ඇලස්කාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site