IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ට්‍රම්ප් තානාපතිවරුන් ආපසු කැඳවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ, විදේශීය රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින්, හිටපු ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය සමයේ පත් කළ විදෙස් තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් 30 දෙනකු යළි කැඳවීමට ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇති අතර, එසේ ආපසු කැඳවන තානාපතිවරුන් අතරේ ශ්‍රී ලංකා ඇමෙරිකන් තානාපතිනී ජුලී චැංග් ද සිටින බව වාර්තා වේ.

දෙවැනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වී සිටින ට්‍රම්ප්, ‘ඇමෙරිකාව ප්‍රථමයෙන්’ යන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ හැකි තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් එම ධුරවලට පත් කර, බයිඩන් පරිපාලන සමයේ පත් කළ තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවීමට තීරණය කළේ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ද තහවුරු කර ඇත.

මෙම තීරණය සම්බන්ධ පුවත පළමුවෙන් වාර්තා කළේ එරට ‘පොලිටිකෝ’ පුවත්පත යැයි ද පැවැසෙයි. ට්‍රම්ප් ගත් මෙම තීරණය, ඇමෙරිකන් නීති සම්පාදකයන්ගේ සහ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නියෝජනය කරන සංගමයේ දැඩි අවධානයට හේතුවක් වී ඇත.

‘පොලිටිකෝ’ පුවත්පතට අනුව, ආපසු කැඳවන තානාපතිවරුන් බොහෝ දෙනකුගේ සේවා කාලය ලබන 2026 ජනවාරියෙන් අවසන් වන  බව ද පැවැසෙයි. තානාපතිවරුන් සාමාන්‍යයෙන් වසර තුනක් හෝ හතරක් සේවය කළ ද, ඔවුන් එම තනතුරු දරන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදිය.

තානාපතිවරුන් වෙනස් කිරීමෙන්, වැඩිම බලපෑමක් එල්ල වනු ඇත්තේ, අප්‍රිකානු කලාපයේ රටවලට යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අප්‍රිකානු කලාපයේ රටවල තානාපතිවරුන් 13 දෙනකු ඉවත් කෙරෙනු ඇතැයි පැවැසෙයි. එම රටවල් වන්නේ, බුරුන්ඩි, කැමරූන්, කේප් වර්ඩ්, ගැබෝන්, අයිවරි කෝස්ට්, මැඩගස්කරය, මොරිෂස්, නයිජර්, නයිජීරියාව, රුවන්ඩාව, සෙනගාලය, සෝමාලියාව සහ උගන්ඩාව ය.

ආසියා-පැසිෆික් කලාපයේ තානාපතිවරුන් 6 දෙනකු, යුරෝප කලාපීය රටවල තානාපති නිලධාරීන් සිවු දෙනකු, මැදපෙරදිග සහ දකුණු ආසියාවේ (නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළුව) දෙනකු බැගින් මෙන්ම, බටහිර අර්ධගෝලයේ දෙදෙනකු බැගින් ද ඉවත් කෙරෙනු ඇත.

ෆීජි, ලාඕසය, මාෂල් දූපත්, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය සහ වියට්නාමය ආසියානු කලාපයට අයත් රටවල්ය.

තානාපතිවරුන් වෙනස් කෙරෙන යුරෝපයේ රටවල් හතර වන්නේ, ආර්මේනියාව, මැසිඩෝනියාව, මොන්ටෙනෙග්‍රෝ සහ ස්ලෝවැකියාවය.

මැදපෙරදිග රටවල් අතරට, ඇල්ජීරියාව සහ ඊජිප්තුව අයත් වෙයි.

දකුණු සහ මධ්‍යම ආසියාවේ රටවල් වන්නේ නේපාලය සහ ශ්‍රී ලංකාව ය. බටහිර අර්ධගෝලයේ රටවල් වන්නේ ගෝතමාලාව සහ සුරිනාමයයි.



අදහස් (0)

ට්‍රම්ප් තානාපතිවරුන් ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site