
ඇෆ්ගනිස්තානයේ බාග්‍රම් ගුවන් හමුදා කඳවුර ආපසු ඇමෙරිකාවට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇෆ්ගන් තලේබානව් රජයට නියෝග කර ඇත.
ගුවන් කඳවුරේ පාලනය යළි අමෙරිකාව වෙත ලබාදීමට කටයුතු නොකරන්නේ නම්, අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණු දීමට සිදුවනු ඇතැයි ජනාධිති ට්‍රම්ප් ඇෆ්ගන් තලේබාන්වරුන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 වසරේ දීය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට බහර දුන් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි බැවිනි.
ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ පැවැති තලේබාන් පාලනය පෙරළා දමමිනි. ඇෆ්ගන් යුද්ධය ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින් රැඳී සිටියේ මෙම බාග්‍රම් ගුවන් හමුදා කඳවුරේය.
2021 වසරේ දී එවකට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ජෝ බයිඩන්, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සිදු කළේය. තලොබාන්වරුන් යළි ඇෆ්ගකිස්තානයේ බලය අල්ලා ගත්හ. බාග්‍රම් ගුවන් යළි ලබා ගැනීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාර්ශ්වය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් ඇෆ්ගන් ගුවන් කඳවුර ආපසු ඉල්ලයි