IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ට්‍රම්ප් අයර්ලන්තයටත් දෙහි කපලා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ හමුවක්, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී පැවැත්විණි.

මාධයවේදීන් ද පිරිවරාගෙන රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකා පිළිගනිමින් සුහදව සාකච්ඡාව ආරම්භ වූ නමුත්, අයර්ලන්තය ඇමෙරිකාවේ රැකියා අවස්ථා උදුරා ගත්තේ යැයි ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළේය.

අයර්ලන්ත වැසියන් ඉතාමත් කපටි පිරිසක් බවත් ඔවුන් ඉතා සූක්ෂමව, ඇමෙරිකානුවන් රවටා ඇමෙරිකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා උදුරා ගත් බවත්, තමන්ට පෙර සිටි ඇමෙරිකන් ජනාධිපතිවරුන්ගේ අනුවණකම් නිසා එවැන්නක් සිදුවුණු බවත් ට්‍රම්ප් පැහැදිලි කළේය.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ගෝලීය වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා සියයට 25ක තීරුබදු පැනවීමෙන් පසු යුරෝපා සංගමය ද පෙරළා ඇමෙරිකන් නිෂ්පාදන සඳහා තීරු බදු පැනැවීම සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් ද ට්‍රම්ප් යුරෝපා සංගමය විවේචනය කළේ අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයාට දොස් නගමිනි. අයර්ලන්තය, 1973 වසරේ පටන් යුරෝපා සංගම් සාමාජිකයෙකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් අයර්ලන්තයටත් දෙහි කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site