
ධවල මන්දිරයට, ඇමෙරිකාවේ නන්දෙසින් පැමිණි දේවගැතිවරුන් 50 කට වැඩි පිරිසක් ධවල මන්දිරයේ දී, ඉරානය සමඟ යුද්ධයක පැටලී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආශිර්වාද කළේය.
දේවගැතිවරුන් මෙසේ ට්‍රම්ප්ට ආශිර්වාද කළේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදීය. මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී ජනාධිපතිවරයාට දෙවියන්ගේ මඟ පෙන්වීම සහ ප්‍රඥාව ලැබේවා යැයි දේවගැතිවරු ඉල්ලා සිටියහ.
ඉරානය සමග යුද්ධයක පැටලී සිටින ඇමෙරිකන් සෙබළුන්ගේත් ඇමෙරිකන් වැසියන්ගේත් ජීවිත ආරක්ෂා කර දෙන්නැයි ද දේවගැතිවරු පිරිස විශේෂ යාඥාවක නියැලුණාහ.
ධවල මන්දිරයට රැස්වුණු එම දේවගැතිවරුන් පිරිස ට්‍රම්ප්, ඇමෙරිකන් සන්නද්ධ හමුදාව සහ ඇමෙරිකන් වැසියන් වෙනුවෙන් යාඥා කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේවනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. දේවගැතිවරුන්ට නායකත්වය දුන්නේ ප්‍රධාන දේවගැති ටොම් මුලින්ස්ය.
දේවගැති ටොම් මුලින්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ, දෙවියන් වහන්සේ යටතේ පවතින, බෙදිය නොහැකි යුක්තිය සහ නිදහස අගය කරන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ඇමෙරිකානුවන්ට ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය ලබා දීමත්, අභියෝග ජය ගැනීමට අවශ්‍ය කායික මෙන්ම මානසික ශක්තිය ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දීමත් පෙරදැරි කර ගනිමින් යාඥාව පැවැත්වූ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ට නෙවෙයි .... මේ දේවගැතියන්ට නම් දෙවියන්ගේම පිහිටයි.
ඕකට පනහක් ඕන නෑ. අපෙන් එක අක්කා කෙනෙක් ගියා නම් ඔක්කෝම දෝස නිවාරණයි, ආරක්ෂාවයි!
මිනිසෙක්ව විනාශ කරන්න අවශ්‍යය වූ විට දෙවියන් විසින් ඒ මිනිසාව පිස්සු වට්ටනවාලු. දැන් ට්‍රම්ප්ට පිස්සු !!! ට්‍රම්ප් කියන්නේ පට්ට මෝඩයෙක්.ඔය යුද්ධයට ට්‍රම්ප්ව පෙළඹවුයේ ඉස්රායලයේ බයගුල්ලා " බෙන්ජා ". දැන් බෙන්ජා හැංගිලා. දේවගැතියන් මොනවා කීවත් මොනවා කලත් වැඩක් නැහැ, දෙවියන් ලස්සනට වැඩේ කරලා තියෙනවා.ඔය යුද්ධය අනිවාර්යයෙන්ම ඇමෙරිකාව අන්ත විදිහට පරාජයට පත්වෙනවා...දේව ගැතියෝ හැංගෙනවා ..රටේ ජනතාව ට්‍රම්ප්ව අල්ලලා සම්බෝල හදනවා.
ඔයා වැඩේ වැඩක් නැහැ. රනිල් වගේ තිරුපති ගිහින් ආව නම් හෙට පිනා චාන්ස් එකකින් ලෝකේටම ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි රාජපක්ෂලා වගේ දඹ රන් කියලා රත්තරන් ගපු පිත්තල කාසි පූජා කළොත් වලේ තමයි.
දැන් එතකොට දෙවියෝ බෝම්බ දාන්න මග පෙන්වනවා නම් චන්ද්‍රිකා ජී.පී.එස්. ඕන නැහැනේ?
යකාගේ ආශීර්වාදයක් නේ එක… උන් බේරුණොත් ඇති… "සාමය පතුර්වන්නෝ, භාග්‍යවන්තයෝය
දේව ගැතියො හිතන්නෙ දෙවියන්ගෙ පිහිට ඇමරිකානුවන්ට විතරයි කියල. ඒත් ජේසු පිහිට මුලු මිනිස් සංහතියටම තියෙනව. ඔය සීයට දහය ඉල්ලන හොර දේවගැතියන්ටනම් දෙවියන්ගෙම පිහිටයි.
මිනිස්සු මරන්න දෙයියන්ගෙ පිහිට යදින යක්සයා
බැබිලෝනියන්. පර්සියාව ඉරානය යනු බෝහෝ කාලයක මිනිස් ශිෂ්ටාචාරයක් පැවති මිනිසුන් ඉන්නා රටකි. අද ඊයේ මිසයිල හදාගෙන හොර රහසේ අහේතුක ව රටක ජාතියක් වනසයිද එහි විපාක අති භයංකරයි. අද ඉරානය යට හෙට ඔබට අපිට වන්න පුලුවන් .මේවාට විරුද්ධව නැගිසිටීම පිළිකුලෙන් පහර දීම සාමකාමි රටවල ප්රයත්නය විය යුතුයි.
දෙවියන් වහන්සේ මිනීමරුවන් බේරා ගනීද?
ත්‍රස්තවාදී නායක ට්‍රම්ප්ට කියන්න ඇමරිකාවේ පිහිටි පන්සලකට ගිහින් මතක වස්තු පූජාවක් කරගන්න කියලා.