IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය සමඟ සම්බන්ධ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකන් ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කළේ, රටවල් 50 කට වැඩි ගණනක්, මේ වනවිට ධවල මන්දිරය සමඟ සම්බන්ධ වීමට කටයුතු කර ඇති බවය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකා මිත්‍රශීලී රටවලට ද තීරුබදු පැනවීම් කර ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඊශ්‍රායලයට පැනවූ තීරු බදු සම්බන්ධයෙන්, වොෂින්ටන් අගනුවරට පැමිණ ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

පැවැත් වූ සාකච්ඡාවලින් පසු, තමන්ට ට්‍රම්ප් පරිපාලනය පැනවූ තීරුබදු සැලකිල්ලට ගනිමින්, තමන් ඇමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු සියයට බිංදුව දක්වා අඩු කරන බව වියට්නාමය පවසා ඇත. 

කාම්බෝජය ඇමෙරිකන් නිෂ්පාදන සඳහා අය කරන ආනයන තීරු බදු සියයට 5 ක් තෙක් අඩු කිරීමට තීරණය කර ඇත.

ඉන්දුනීසියාව සහ තායිවානය ද ඇමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට මේ වනවිට ප්‍රතිඥා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව සිම්බාබ්වේ ජනාධිපති ම්නන්ග්වා ද මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේ ඇමෙරිකාව ඇමෙරිකන් නිෂ්පාදන සඳහා අය කරන ආනයන තීරු බදු සියයට බින්දුව තෙක් අඩු කරන බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site