
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 100ක අමතර තීරුබද්දක් පැනවීමටත්, මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පැනවීමටත් තීරණය කර ඇත. මෙම නව තීරුබදු සහ පාලන සීමා 2025 නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ට්‍රම්ප් මෙම තීරණය ගනු ලැබුවේ, චීනය විසින් දුර්ලභ පාංශු ඛනිජ අපනයනය සඳහා නව සීමා පැනවීමෙන් පැය කිහිපයකට පසුවය. චීනය මෙම ඛනිජවල ගෝලීය සැපයුමෙන් සියයට 70ක් පමණ සපයන අතර, මෝටර් රථ, ආරක්ෂක අංශ සහ අර්ධ සන්නායක වැනි ඉහළ තාක්ෂණික කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය වෙයි.
චීන වාණිජ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, එලැඹෙන දෙසැම්බර් 1 වැනිදා සිට එම රටෙන් ලැබෙන දුර්ලභ පාංශු ඛනිජවලින් සියයට 0.1 කට වඩා අඩංගු නිෂ්පාදන අපනයනය කිරීමට විදේශීය ආයතන බලපත්‍රයක් ලබාගත යුතු බවය.
චීනයෙන් ආනයනය කරන සෑම භාණ්ඩයක්ම පාහේ දැනටමත් අධික තීරුබදුවලට යටත් වන අතර, වානේ සහ ඇලුමිනියම් සඳහා සියයට 50 සිට පාරිභෝගික භාණ්ඩ සඳහා සියයට 7.5 දක්වා වූ නිශ්චිත බදු මට්ටම් පැවතිය ද, චීන ආනයන සඳහා වත්මන් ඵලදායී තීරුබදු අනුපාතය සියයට 40ක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සියයට 100 ක් අමතර තීරුබද්ද සමගින්, සමස්ත තීරුබදු මට්ටම් ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එය ගෝලීය වෙළඳාමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ද අපේක්ෂා කෙරෙයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගෙන් චීනයට සියයට 100 ක් තීරුබදු