IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගෙන් චීනයට දින 90 ක සහනයක්

නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉඩ සලසමින්, චීනයට දින 90 ක සහන කාලයක් ලබා දීමේ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.

එම විධායක නියෝගයට අත්සන් තැබීමෙන් පසු, ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැවැසුවේ, චීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය අවසන් කරමින්, දෙරටටම වාසිවන ආකාරයේ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා චීනයට මෙසේ තවත් සහන කාලයක් ලබා දුන් බවය.

චීනය සහ ඇමෙරිකාව ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන්ට හිමිකම් කියන ප්‍රබල රටවල්ය. එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකාව පළමුවෙන්ම වෙළෙඳ යුද්ධයකට පැටලුණේ චීනය සමඟය. අද ට්‍රම්ප් ලෝකයේ සෙසු රටවල්වලට ද තීරු බදු පැනවීම් කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනය චීන ආනයන මත සියයට 30 ක තීරුබදු පැනවීමක් සිදු කර ඇති අතර, එය තවත් ඉහළ දැමීමට ද සූදානම් වෙයි. ඇමෙරිකන් සහ චීන නියෝජිතයන් අතරේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙයි. දින 90 ක සහන කාලයක් චීනයට ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත්තේ එවැනි පසුබිමකය.



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් චීනයට දින 90 ක සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site