IMG-LOGO

ජර්මනිය සීමා දැඩි කරයි

 

නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අද (2) පියවර ගත්තාය.
 
යුරෝපය පුරා මේ වනවිට නව කොරෝනා වයිරසය දෙවැනි රැල්ල වේගයෙන් පැතිර යමින් තිබෙන අතර දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 අර්බුදය ද උග්‍ර අතට හැරෙමින් තිබේ.
 
මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 46 ඉක්මවන අතර ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.2ට ආසන්න වී තිබේ.

නව කොරෝනා මේ ආකාරයෙන් නැවත වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ දැනටමත් දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙන ගෝලීය ආර්ථිකය තවදුරටත් උග්‍ර අර්බුදයකට පත් වීමේ අනතුරු සංඥා දැනටමත් දක්නට ලැබෙමින් තිබේ.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා දැඩි කරන බවත් ඒවා මේ මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වන බවත් ජර්මානු චාන්සලර් ඇන්ජෙල් මර්කෙල් ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් ජර්මානුවන් ඔවුන්ගේ නිවෙස්වලට කොටු නොවන අතර එසේ වුවත් බීමහල්, අවන්හල්, ආපනශාලා, සිනමාශාලා, රංගශාලා සහ ඔපෙරා ගීත නාටක හා සංගීත සංදර්ශන පැවැත්වෙන ශාලා වසා දැමිය යුතු ය.

එංගලන්තය මේ වනවිටම රටම වසා දමා නිවසේ රැඳි සිටීමේ නියෝග ක්‍රියාත්මක කර ඇති අතර ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ අයර්ලන්තය මේ වනවිටත් එම සීමා ක්‍රියාත්මක කරමින් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීමට පැනවූ සීමා දැඩි කර ඇත.

එම සීමා බොහෝමයක් සති හතකර කාලයක් සඳහා ක්‍රියාත්මක වන ඒ හේතුවෙන් ආර්ථිකය සිදුවන බලපෑම සම්බන්ධයෙන් මේ වනවිට අර්බුද රැසක් මතුව තිබේ.

බෙල්ජියම ද මේ වනවිට දැඩි සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර එම සීමා අද සිට ආරම්භ වේ. පෘතුගාලය බදාදා සිට අර්ධ ලොක්ඩවුන් සීමා පැනවීමට තීරණය කර ඇත.

ස්පාඤ්ඤය මේ වනවිට රාත්‍රියට පමණක් බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත. ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල සීමා ද වසා දමා ඇත.

ඉතාලිය ද අද දිනයේදී නව සීමා ක්‍රියාත්මක කිරීමට නියමිත රටටම බල පැවැත්වෙන පරිදි ලොක්ඩවුන් සීමා පැනවීමට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
 
.එෆ්.පී.
 
055



අදහස් (0)

ජර්මනිය සීමා දැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site