IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


ජර්මනියේ දුම්රිය පීලි පැනීමක්: 3 ක් මියයති

නිරිතදිග ජර්මනියේ, මගී දුම්රියක් පීලි පැන සිදුවුණු අනතුරින්, එහි ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 15 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

දුම්රිය පීලි පැනීමට ලක්වූයේ රීඩ්ලින්ගන් නුවර අසලදී යැයි දුම්රිය අයත් ඩොයිචේ බාන් දුම්රිය සමාගම පවසා ඇත. පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් අනතුර සිදුවීමට පෙර එම ප්‍රදේශයට වැහි කුණාටු තත්ත්වයක් බලපෑ බව වාර්තා වේ.

අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් කනගාටුව පළ කර ඇත. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.



අදහස් (0)

ජර්මනියේ දුම්රිය පීලි පැනීමක්: 3 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site