
බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් කුමරු, සිය 12 වැනි උපන් දිනය සැමරුවේය. කුමරුන් උපත ලබා ඇත්තේ 2013 වසරේ ජූලි 22 වැනිදා ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේදීය. ජෝර්ජ් කුමරු යනු ඔටුන්න හිමි විලියම් කුමරුගේත් කේට් මිඩ්ල්ටන් කුමරියගේත් පළමු දරුවාය.
මේ වනවිට බ්‍රිතාන්‍ය රජ කිරුළේ දෙවැනි උරුමකරු වන්නේ ජෝර්ජ් කුමරුය. කිරුළ දරා සිටින තෙවැනි චාල්ස් රජු, ජෝර්ජ් කුමරුගේ සීයාය. 12 වැනි උපන් දිනය සමරද්දී, ජෝර්ජ් කුමරු නව යොවුන් වියට පා තැබූ බවත්, සම්ප්‍රදායට අනුව, ඉදිරියේ දී වෙනස්කම් කීපයක් සිදුවනු ඇති බවත් රජ පවුල පැහැදිලි කර ඇත. ඒ අනාගතයේ බ්‍රිතාන්‍ය රජු ලෙස කුමරු සූදානම් කළ යුතු බැවිනි.
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ජෝර්ජ් කුමරුට නව පාසලකට ද ඇතුළත් වීමට ද සිදුවනු ඇත. මේ වනවිට කුමරු ඉගෙනුම ලබන්නේ, සිය සහෝදරයා සහ සහෝදරිය සමඟ ලැම්බෲක් පාසලේය. ඊට අමතරව, පියා ඔටුන්න හිමි විලියම් කුමරු සමඟ එකම ගුවන් යානයෙන් ගමන් කිරීමට ද ජෝර්ජ් කුමරුන්ට අවසර හිමි වන්නේ නැත. ඒ, හදිසියේ ගුවන් අනතුරක් සිදුවුවහොත්, මීළග උරුමකරු ලෙස කුමරු ආරක්ෂිතව සිටිය යුතු බැවිනි.
(එන්.ඩී.ටීවී.)
2025 අගෝස්තු මස 30
448
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16909
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
667
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජෝර්ජ් කුමරුට අවුරුදු 12 යි