IMG-LOGO

ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණනය කරයි

ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණන් කරන බව එම ජනපදයේ බලධාරීහු මීට ටික වේලාවකට පෙර නිවේදනය කළහ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම තවදුරටත් වැඩි කිරීමටත් තිබෙන අවිනිශ්චිත බව තවදුරටත් වැඩි කිරීමටත් මෙය හේතුවක් වී තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී දින තුනක් ගත වුණද, තවමත් නිල අවසන් ප්‍රතිඵලයක් හෝ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී තිබේ.

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්දයෙන් අති විශාල සංඛ්‍යාවක් ගණනය කිරීමෙන් අනතුරුව හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉතා සීමිත පරතරයකින් ඉදිරියෙන් සිටීමට සමත්ව ඇත.

‘‘ඉතා සීමිත පරතරයක් තිබෙන්නේ. ඒ නිසා ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණන් කරනවා’’ යැයි එම ජනපදයේ රාජ්‍ය ලේකම් බ්‍රැඩ් රැෆෙන්ස්පර්ජර් ඇට්ලන්ටාහිදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

ඒ.එෆ්.පී.

055 



අදහස් (0)

ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site