IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ජපන් අගමැති ධුරය පළමු වරට කාන්තාවකට

ජීවන වියදම ඉහළ යද්දී, පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වීමත්, එය විපක්ෂයට වාසියක් වීමත් සමඟ, පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම පසුගිය 4 වැනිදා සිදුවිය. පක්ෂ නායකත්වයට අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන්ගෙන් එක් අයකු වූයේ කාන්තාවකි. ඇය සනේ ටකයිචී ය

පක්ෂ සාමාජිකයන් රැස්වී නව නායකයා තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කළ නමුත් පළමු වටයෙන් බහුතර ඡන්ද දිනා ගැනීමට අපේක්ෂකයන් කිසිවකුටවත් හැකිවූයේ නැත.  

හිටපු අග්‍රාමාත්‍ය ජුනිචිරෝ කොයිසුමිගේ පුත් ෂින්ජිරෝ කොයිසුමි පවා අපේක්ෂකයකු ලෙස පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන් කළේය. ඔහු ජයග්‍රහණය කළේ නම් ශතවර්ෂයකට අධික කාලයකට පසු ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වීමේ හැකියාව ඔහුට හිමි වීමට ඉඩ තිබුණි. ඒත් එසේ වූයේ නැත. 

ජයග්‍රහණය කළේ 64 හැවිරිදි සනේ ටකයිචී ය. මැය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ දක්ෂිණාංශික මතධාරිනියකි.

ජපානයේ පාලක පක්ෂයේ නායකයා එරට අග්‍රාමාත්‍යවරයා ද වෙයි. කොන්සවර්ටිව් පක්ෂය නායකත්වයට කාන්තාවක තෝරා ගැනුනු පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම කාන්තාව සනේ ටකයිචී ය. එබැවින් මෙය ඓතිහාසික අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

සනේ ටකයිචී එසේ මෙසේ චරිතයක් නොවෙයි ඇය හිටපු මුදල් ඇමැතිවරියකි. ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමැතිවරියකි. ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරියකි. ඇය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට පත් වූයේ සැබෑ වෙනසක් ඇති කිරීමට ඉදිරිපත් කළ දැක්ම පක්ෂයේ වැඩි දෙනාගේ පැසැසුමට හේතුවක් වුණු බැවිනි. 

පසුගිය 4 වැනිදා පැවැති ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 295 ක් සහ සාමාජික ගාස්තු ගෙවන මිලියනයක පමණ සාමාජිකයන් පමණක් සහභාගී වූ අතර, එය ජපාන මහජනතාවගෙන් සියයට 1 ක නියෝජනයක් බව ද පැවැසෙයි.

“මේක සතුටු වෙන්න ඕනෑ වෙලාවක් යැයි මා සිතන්නේ නැහැ. පක්ෂ නායකත්වය මට හිමිවුණා. මා මේ මොහොතේ සිටම වැඩ ආරම්භ කරනවා. අපි හැමෝම එක් වෙලා කටයුතු කරන්න ඕනෑ. අපට කරන්න බොහෝ දේ තියෙනවා. අපි එකමුතුව ඉදිරි ගමනක් යන්න ඕනෑ. පැහැදිලි අනාගතයක් වෙනුවෙන්. කඩිනමින් නව ප්‍රතිපත්ති හඳුන්වා දීමක් අප කළ යුතුයි” යැයි පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු පක්ෂ සාමාජිකයන් ආමන්ත්‍රණ කරමින් සනේ ටකයිචී පැවැසුවාය.

පක්ෂ නායකත්වය හිමිවුණු සැණින්, ටකයිචීට අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ නැත. ඒ සඳහා ද වෙනම පාර්ලිමේන්තු ඡන්ද විමසුමක් පැවැත්වෙයි. එය සිදුවනු ඇත්තේ ලබන 15 වැනිදාය.



අදහස් (0)

ජපන් අගමැති ධුරය පළමු වරට කාන්තාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 691 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site