IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ජපානයේ 731 ඒකකය ගැන චීන චිත්‍රපටයක්

දෙවන ලෝක යුද සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ජපානයේ ‘731 ඒකකය’  සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තා චිත්‍රපටයක් චීනයේ CGTN නාලිකාව විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

Behind Unit 731 - The Butchery of Humanity by War and Militarism යනු මෙම චිත්‍රපටයයි.

චිත්‍රපටය හරහා, ජපාන මිලිටරිවාදය මිනිසුන්ව කෙතරම් දුරට ම්ලේච්ඡයන් බවට පත් කළාද යන්නත්, එම කෲර ක්‍රියාවන්ට වගකිවයුත්තන් නීතියෙන් නිදහස් වූයේ කෙසේද යන්නත්, අනාගතයේදී මෙවැනි දෑ වළක්වා ගැනීමට ඉගෙනගත යුතු පාඩම් මොනවාද යන්නත් නිරූපණය කරේ.

ජීවිත සුරැකීමට කැපවුණු වෛද්‍යවරු, සමාජයේ යහපතට කැපවුණු විද්‍යාඥයන්, යුද මානසිකත්වයෙන් අමානුෂීය වධකයන් බවට පරිවර්තනය වූ අයුරු චිත්‍රපටයට හරහා දකින්න ලැබේ.

 CGTN නාලිකාව චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික තොරතුරු ගවේෂණය කරමින් ඊට අදාළ වීඩියෝ දසුන් ද සමගය.

731 ඒකකයේ සාමාජිකයන්, ජීව විද්‍යාත්මක අවි අත්හදා බැලීමට ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ, චීන සහ කොරියන් සිරකරුවන්ය. එය මුළු ලොවම කම්පා කළ සිදුවීමක් විය.

හිරෝෂීමා නාගසාකී ප්‍රහාරයෙන් පසු දෙවන ලෝක යුද්ධය අවසන් වුවත්, 731 ඒකකයේ සාමාජිකයන් කිසිවකුට, කිසිදු නඩු විභාගයකට පෙනී සීටීමට සිදුවූයේ නැත. වාර්තා චිත්‍රපටය හරහා මේ ගැන කතාබහ කෙරේ.

731 සාමාජිකයන්ට කිසිදු චෝදනාවක් එල්ල නොවූයේ, ජීව අත්හදා බැලීම් සම්බන්ධයෙන්, ඇමෙරිකාව එම දත්ත ඔවුන්ගෙන් ලබා ගත් නිසා යැයි චෝදනා එල්ල වී ඇත. මෙය ද චිත්‍රපටයට ඇතුළත් වෙයි.

https://news.cgtn.com/news/2025-07-31/Behind-Unit-731-The-butchery-of-humanity-by-war-and-militarism-1Fs5qLwh2qk/p.html



අදහස් (0)

ජපානයේ 731 ඒකකය ගැන චීන චිත්‍රපටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site