IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනපති ජින්පින් 2025 පිළිගනී

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.

එම සුබ පැතුම් පණිවුඩය මෙසේ ය:

ආයුබෝවන්! කාලය වේගයෙන් ඉදිරියට ගෙවී යයි. නව වසරේ උදාව පිළි ගන්නා මෙම මොහොතේ මම බෙයිජිං නගරයේ සිට ඔබ සැමට සුන්දර සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

2024 වසරේ අප ඍතුවෙන් ඍතුවට ගමන් කරමින් අසීරුතා හා අභියෝගවලට එක්ව මුහුණ දී තිබේ. මෙම අසාමාන්‍ය වසර කැපී පෙනෙන්නේ එවන් අමතක නොවන හැඟුම්බර මොහොතවල්වලිනි.

අපි දෙස් විදෙස් විපර්යාසවලින් එල්ලවූ බලපෑම්වලට සක්‍රියව ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති මාලාවකින් ඉහල ගුණාත්මක සංවර්ධනය ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට සමත් වූයෙමු. 

විපර්යාස හා ගැටුම්වලින් සපිරි වත්මන් ලෝකයේ, වගකියන දැවැන්ත රටක් වශයෙන්, චීනය ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ හා ගෝලීය දකුණේ සහයෝගතාව සක්‍රියව ඉදිරියට මෙහෙයවමින් සිටියි. 

එවන් චීන ස්ථාවරයන්, ලෝක සාමය හා ස්ථාවරත්වයට ධනාත්මක බලය එකතු කර ඇත. ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය සඳහා යුගයේ ප්‍රවණතාව සමඟ අපි ඉදිරියට ගමන් කරමින් සිටිමු. 

2025 වසරේදී අපි 14වැනි පස්අවුරුදු සැලැස්ම සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටිමු. ඒ සඳහා වඩා සක්‍රිය හා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට උපරිම අවධානය යොමු කළ යුතු ය. උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය හා ස්වශක්තිය ප්‍රවර්ධනය කරමින් ආර්ථිකය හා සමාජය මනා සංවර්ධන ප්‍රවණතාවක පවත්වා ගැනීම සඳහා අප ප්‍රයත්න දැරිය යුතු ය.

ලෝකයේ සියවස් විපර්යාසය වේගයෙන් සිදු වෙමින් පවතී. සාමූහික ආකල්පයකින් ගැටුම් විසඳා ගෙන, මානවයාගේ ඉරණම කෙරෙහි ගැඹුරු හැඟීමෙන් යුතුව අවධානය යොමු කළ යුතුය. ලෝකයේ ජයග්‍රාගී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය විවිධ රටවල් සමඟ එක්ව මිත්‍ර සහයෝගිතා ක්‍රියාවට නංවන්නෙකු, අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය ප්‍රවර්ධකයෙකු සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට සහභාගි වන්නෙකු ලෙසට ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටී.

අපි පූර්ණ විශ්වාසයකින් නව වසර පිළි ගනිමු. මව්රට සෞභාග්‍යවත් හා සමෘද්ධිමත් වේවා! සැම දෙනාගේම සියලුම අපේක්ෂාවන් ඉෂ්ට වේවා! සියල්ලන්ම සතුටින් හා සුසංගතයෙන් ජීවත් වේවා!



අදහස් (0)

ජනපති ජින්පින් 2025 පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 700 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site