ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 25 ක අමතර තීරුබදු පැනවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ රජයට, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි විරෝධයක් පළ කර ඇත. ඒ, ට්‍රම්ප්ගේ බදු පැනවීම අසාධාරණ බව පෙන්වා දෙමිනි.
ට්‍රම්ප්, ඉන්දියාවට පැනවූ මෙම අමතර තීරුබද්ද සමඟ ඉන්දියාවට පැනවූ සම්පූර්ණ තීරු බදු ප්‍රතිශතය සියයට 50 ක් තෙක් ඉහළ ගොස් ඇත. ට්‍රම්ප්, විධායක නියෝගයකට අත්සන් තබමින්, අමතර සියයට 25 ක බද්දක් ඉන්දියාවට පැනවූයේ, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට විරෝධය පළ කරමිණි.
රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ එසේ සම්බාධක පැනැවීමක් කර තිබියදීය. ට්‍රම්ප් චෝදනා කරන්නේ ඉන්දියාව රුසියාව සමඟ ගනුදෙනු කිරීම, රුසියාවට ශක්තියක් වී ඇති බවය.
ඉන්දියාව පවසන්නේ සම්බාධක පනවා තිබියදී බටහිර යුරෝපා රටවල් කීපයක් පවා රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බවත්, ඉන්දියාවට පමණක් මෙසේ වැඩි තීරුබදු පැනවීම අසාධාරණ බවත්ය.
ට්‍රම්ප් මේ අයුරින්ම බ්‍රසීලයට ද සියයට 50 ක තීරු බදු පැනවීම් කර ඇත. ඒ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාගේ රජය, එරට හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට එරෙහිව නඩු පවරා ඇති බැවිනි. බොල්සරානෝ යනු දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි.
ට්‍රම්ප් බ්‍රසීලයට පැනවූ සියයට 50 ක තීරු බද්ද සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පෙන්වා දී ඇත්තේ එය අසාධාරණ සහ අයුක්තිසහගත ක්‍රියාවක් බවය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු අසාධාරණයි