IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ජගත් එන්නත්කරණ වැඩසටහන් අඩපණයි

ඇමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කපා හැරීමත්, ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ දුර්මත සීඝ්‍රයෙන් පැතිරයෑමත් සමඟ එන්නත්කරණය නොමැතිව ලොව පුරා මිලියන ගණනක් දරුවන්, අවදානමට ලක්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ගෝලීය එන්නත්කරණය මගින් වාර්ෂිකව මරණ මිලියන 3.5ත් 5ත් අතර සංඛ්‍යාවක් වළක්වයි. එසේ වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත්තේ, 2024 වසරේදී ලොව පුරා ළමුන් මිලියන 14කට කිසිදු එන්නතක් ලබාදීමට නොහැකි වුණු බවය. මෙම තත්ත්වය ආසියාවේ, අප්‍රිකාවේ පමණක් නොව යුරෝපයේත් දක්නට ලැබීම විශේෂත්වයකි.

යුරෝපයේ කක්කල් කැස්ස වැළඳුණු ළමුන් සංඛ්‍යාව 2024 වසරේදී 3,00,000ක් දක්වා තුන් ගුණයකින් ඉහළයාමට මේ තත්ත්වය බලපා ඇතැයි ද පැවැසෙයි. යුරෝපා රටවල පමණක් නොව, ඇමෙරිකාවේ ද සරම්ප රෝගීන් සංඛ්‍යාව ද 2024 වසරේදී 1,25,000 දක්වා දෙගුණයක් වී තිබේ.

2024 වසරේ ලෝකයේ එන්නත්කරණය නොලැබූ ළමුන්ගෙන් අඩක්ම අයත්වන්නේ රටවල් 9 ට වන අතර නයිජීරියාව, ඉන්දියාව, සූඩානය, කොංගෝව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, යේමනය, ඇෆ්ඝනිස්ථානය සහ ඇන්ගෝලාව ඊට අයත් බව පැවැසෙයි.



අදහස් (0)

ජගත් එන්නත්කරණ වැඩසටහන් අඩපණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site