IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


චීන ජනාධිපති හමුවන්න ඇමෙරිකන් ජනාධිපති සූදානම්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම සංචාරය යටතේ, ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය පවසයි. 

ඇමෙරිකන් ජනාධිපතිවරයා මැලේසියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර, ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවනු ඇත්තේ දකුණු කොරියාවේදීය. ඒ, එලැපෙන 30 වැනිදා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ‘ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.

චීන ජනාධිපතියරයා ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකචච්ඡා සමුළුවට සමගාමීව සිදුවනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකාවත් චීනයත් අතරේ පවතින ‘වෙළෙඳ යුද්ධය’ හේතුවෙන් දෙරට අතර සබඳතා අඩපණ වී ඇත. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනවීම් කර ඇත. මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට ට්‍රම්ප් සහ ජින්පින් කටයුතු කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (0)

චීන ජනාධිපති හමුවන්න ඇමෙරිකන් ජනාධිපති සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site