
ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට ජෝ බයිඩන් ගත් තීරණය ඉතාමත් ගෞරවණීය එකක් යැයි හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පෙන්වා දෙයි.
හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ද වූයේ බයිඩන්ය.
81 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තාය.
බයිඩන්ට රාජකාරි කටයුතුවලදී ඔහුගේ වයස බාධාවක් විය. ඔහුට ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම බලපෑම් එල්ල විය. එසේ බලපෑම් කළ ප්‍රධාන චරිතයක් වූයේ ද ඔබාමාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd