IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාසා පලස්තීනුවන් සෞදියේ පදිංචි කරනවා

ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජයේ දැඩි විරෝධයට හේතුවක් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, සෞදි විදෙස් අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ගාසා පලස්තීනුවන්ට අමු අමුවේ ඝාතනය කරන යුද අපරාධකරුවකු ලෙස සැලෙකන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පලස්තීනුවන්ගේ ජීවත් වීමට ඇති අයිතිය උදුරා ගැනීමට උත්සාහ ගන්නා බවය.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ගැටුමකින් තොරව ජීවත් වීමට අසල්වැසි රටකින් ඉඩම් ලබා දීමට තමන් කටයුතු කරන බවත්, ගාසා තීරය ඇමෙරිකාවට පවරා ගනිමින්, එය සංවර්ධනය කරන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ සාකච්ඡා පසුගිය සතියේ පැවැත්විණි. ඒ නෙදන්යාහු වෙෂින්ටන් අගනුර ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය.



අදහස් (2)

ගාසා පලස්තීනුවන් සෞදියේ පදිංචි කරනවා

Chathuri Tuesday, 11 February 2025 06:14 AM

හිතේ ආසාව නැති වෙනකම් මිනිසුන් මැරුවානේ. දැන් මොකටද කාගෙවත් රටකින් ඉඩම් ඉල්ලන්නෙ. ඉතුරු කට්ටිය ජිවත් කරවන්න. තමන්ගෙ රටට ගත්තානම් ඉවරනේ. කිසි කෙනෙක් කැමති නැහැ ඔයවගෙ මෝඩතීරන වලට. ට්‍රම්ප්ගෙයි ඔයාගෙයි බලය වැඩි වුනාට මිනිස්සු කොන්ද නමන්නෙ නැහැ .බලය මුදල් ඒවා වැඩක් නැහැ. නිර්භීතකම වටින්නෙ. ඔය දෙන්නාගෙ වයස 80 ක් ඇතිනේ. තව කොයිතරම් කාලයක් ජිවත් වෙනවා කියලාද හිතන් ඉන්නෙ. වැඩිම වුනොත් තව අවුරුදු . 5-6 ක් ඉදියි. අඩුම ගානේ දැන්වත් හිතන්න කරපු පවක තරම. මැරුනම මොන ලෝකෙට යයිද. ඒ මිනිස්සු එයාලට පුරුදු විදියට ජිවත් වෙයි. පාඩුවෙ ඉන්න දෙන්න. ඔයතරම් කැමතිනම් උද්ව් කරන්න. එන්න ලන්කාවට. අපේ තරුන නායකයට. අත දෙන්න නාකී නඩේ. රට වලපල්කට යවලා. දැන් කියනවා ජනතාව දුක් විදිනවා කියලා.

:       4       10

ගුණරත්න Tuesday, 11 February 2025 05:45 PM

කවුරුහරි පසු බසින්න ඕන, එක්කෝ ඉස්රායලය එක්කෝ ගාසා තීරයේ ඉන්න පිරිස. නැතිනම් ඕක විසඳන්න කිසිම ක්‍රමයක් නැහැ, තව අවුරුදු දාහක් ගියත් උන් මරා ගනීවි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site