
ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව ගෙන යන යුද්ධය, තව සති තුනකින් අවසන් වනු ඇතැයි තමන්ට සහතියක් ලබා දිය හැකි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් මේ බව කියා සිටියේ ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අතතුරේ මාධ්‍යවේදීන් හමුවෙමිනි. "මට විශ්වාසයි ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත ගාසා ඊශ්‍රායල යුද්ධය අවසන් වෙනවා. පැහැදිලි අවසානයක් දකින්න ලැබෙනවා" යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ගාසා තීරයට නොකඩවා එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සහ ගාසා වැසියන් කුසගින්නේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් එල්ල වී ඇත.
ජාත්‍යන්තරයෙන් කුමන ආකාරයේ විරෝධයක් එල්ල වුවත්, ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලයට සහාය දක්වයි. ඒ, බිලියන ගණනින් අවි ආයුධ සපයමිනි. ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පවසා ඇත්තේ ඔවුන් පලස්තීනය නිල වශයෙන් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම් බවය.
2025 ඔක්තෝබර් මස 08
1100
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1125
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
424
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාස ඊශ්‍රායල යුද්ධය සති 3 කින් අවසන්