
අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පතල් කැණීම් කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස ගමන් කරමින් තිබූ ගුවන් යානයක් අකරතැබ්බකට ලක්වුණු බව විදෙස් මාධ්යම වාර්තා කරයි.
අනතුර සිදුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 17 වැනිදාය. ගුවන් යානය හදිසියේ ගොඩබෑමට නියමුවන්ට සිදුවුණු අතර, එසේ ගොඩබෑමේදී යානය ගිනිගත්තේය. යානයේ සිටි අමාත්‍යවරයා, ඔහුගේ දූත පිරිසට හෝ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවිණි.
ගිනිගත් යානය මුළුමනින්ම විනාශ විය. යානය හදිසියේ අකරතැබ්බට ලක් වුණු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි. අනතුරට පත්වූයේ කුඩා වාණිජ ගුවන් යානයකි.
යානය හදිසි ගොඩබෑමෙන් පසු ගිනි ගන්නා ආකාරයත්, එහි සිටි පිරිස කඩිනමින් යානයෙන් පිටතටඑ පැමිණෙන ආකාරයත් දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්යා ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගුවන් අනතුරින් කොංගෝ ඇමැති බේරේ