
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.
ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තුව සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විත වන අතර, ග්‍රීන්ලන්ත වැසියන් 56,000 ක් ඡන්දය ප්‍රකාශ කළහ. මැතිවරණ ප්‍රතිඵල අනුව, ඩෙන්මාර්කයෙන් නිදහස් විය යුතුයි යන මතය දරණ මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජයග්‍රහණය කළේය.
ග්‍රීන්ලන්තය මේ වනවිට ජාත්‍යන්තරයේ අවදානයට ලක් වී ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට සූදානම් වන බැවිනි. ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ ඇමෙරිකා මහද්වීපයත්, යුරෝපා මහද්වීපයත් අතරේය. ට්‍රම්ප් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට වැදගත් බවය.
ග්‍රීන්ලන්තයේ අනාගතව තීරණය කළ යුත්තේ ඩෙන්මාර්කය නොව, ග්‍රීන්ලන්ත වැසියන් බවත්, ඇමෙරිකාව සමඟ එක්වුවහොත්, ග්‍රීන්ලන්ත වැසියන්ට කිසිදු අවාසියක් අත් නොවනු ඇති බවත්, ට්‍රම්ප් පැහැදිලි කර ඇත. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මධ්‍යම දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ට්‍රම්ප්ට සහාය දක්වන බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය