පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසෙන්හි දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළිකුණාටුවක් හේතුවෙන් හතරදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ලුසොන් දිවයිනේ හදිසි ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර නායයෑම්, විදුලිය ඇණහිටීම් ඇතුළු තවත් බොහෝ අලාභහානි ද සිදුවී තිබේ.
පැයට කිලෝමීටර් 215ක වේගයෙන් හමාගිය මෙම කුණාටුව "ගෝනි" ලෙස නම්කර ඇත.
බිකොල් කළාපයේ නායයෑම් දෙකක් සිදුවී ඇති බව පළාත් ආණ්ඩුකාර අල් ෆ්‍රැන්සිස් බිචාරා පවසයි. එහි ගම්මාන කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.
සුළි කුණාටුවෙන් මිලියන 19 - 31ත් අතර ජනතාවක් පීඩාවට පත්විමට ඉඩ ඇතැයි ආපදා අංශ අනතුරු අඟවා ඇත. ආපදා කළමණාකරන ප්‍රධානී රිකාඩෝ ජලාඩ් පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 347,000ක් පමණ රැකවරණ මධ්‍යස්ථාන වල සිටින බවයි. කොරෝනා වයිරස අවදානම ද ඇති බැවින් සමාජ දුරස්ථභාවය ආරක්ෂාකරගෙන රැඳවුම් මධ්‍යස්ථාන වල කටයුතු කිරීමට සිදුව ඇතැයි ද හෙතෙම පවසයි.
මැනිලාහි නිකෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල ද වසා දමා ඇත.
2013 වසරේදී 6,300කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පිලිපීනය හරහා හමා ගිය හයියාන් සුළි කුණාටුවෙන් පසු පිලිපීනයට බලපෑම් එල්ල කළ ප්‍රබලතම සුළි කුණාටුව ගෝනි බව කාළගුණ අංශ පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට