ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි.
ඊශ්‍රායලය ගාසා තීරයට ඉවක් බවක් නැතිව පහර දෙමින්, ගාසා පලස්තීන වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බල කරමින්, කොලොම්බියා විශ්ව විද්‍යාල භූමියේ විරෝධතා පැවැත්වෙන්නේ පසුගිය දින කිහිපය පුරාවටය. විරෝධතා පළ කරන සිසු සිසුවියන්, විශ්ව විද්‍යාලයේ කටයුතුවලට බාධා කරමින්, විශ්ව විද්‍යාල භූමියේ කඳවුරු බැඳ ගෙන සිටිති.
විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වුණු නිව්යෝක් කැරැලි මර්දන පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හරින්න පටන් ගත්තේය. එම අවස්ථාවේදී පොලිසිය සමඟ ගැටුණු සිසු සිසුවියන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනුණි.
ඊශ්‍රායලය දිග්නි දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඊශ්‍රායලයට ලැබෙන සහාය නිසා යැයි විරෝධතාවට එක් වුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ අදහස වී තිබේ.
නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පමණක් නොව, මේ වනවිට, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදුවන කෙණෙහිලිකම් මුල්කොට ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවත් මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල විශ්ව විද්‍යාලවලත් සිසු සිසුවියෝ විරෝධතා පවත්වති.
(ඒ.එෆ්.පී.)
2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්ව
තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි දිවුරුම් දෙමින් චීනයෙන් ඉල්ලීමක් කළේය. නව ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තායිවානයට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර
අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන ව
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී