කොංගෝ විපක්ෂ නායක 61 හැවිරිදි ගායි බ්‍රයිස් පර්ෆේ කොලේලාස් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
කොලේලාස්ගේ මරණය සිදුවූ ඇත්තේ 'කොවිඩ් 19' වයිරසය හේතුවෙනි.
අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝවේ ජනාධිපතිවරණය ඊයේ (21) පැවැත්විණි.
කොලේලාස් හිටිහැටියේ රෝගී වී රෝහල්ගත කළේ ජනාධිපතිවරණයට පෙර දින සවසය.
රෝහලට ඇතුළත් කරද්දී, විපක්ෂ නායකවරයා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු විය.
ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රංශයට ගෙන යෑමට තීරණය කෙරුණු අතර ඒ වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් ද යොදා ගැණින.
කොලේලාස් මියගොස් ඇත්තේ ගුවනින් ප්‍රංශය බලා යද්දීය.
කිංෂාසාහිදීය (ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd