
කාම්බෝජයේ ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරයකු තායිලන්තයේ බැංකොක් අගනුවරදී ඝාතනය විය. ඝාතනය වූයේ 73 හැවිරිදි ලිම් කිම්යාය.
කිම්යා සහ බිරිඳ වන්දනා නඩයක් ද සමඟ බස් රියකින් බැංකොක් අගනුවරට පැමිණ ඇත. කාම්බෝජය සහ තායිලන්තය අසල්වැසි රටවල්ය.
කිම්යා සහ බිරිඳ බැංකොක් අගනුවර පන්සලක් වන්දනාමාන කිරීමට ගොස් සිටිද්දී, පන්සල් භූමියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් විය. වෙඩි ප්‍රහාරය එල්ල කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු බව පොලිසිය පසුව අනාවරණය කළේය.
වෙඩික්කරු ලිම් කිම්යාගේ පපුවට වෙඩි තබා පලා ගිය අතර, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ විය. වෙඩි ප්‍රහාරයට ලක් වුණු මන්ත්‍රීවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත් ඔහු බේරා ගැනීමට හැකිවූයේ නැත.
කිම්යා නියෝජනය කරන ‘සී.එන්.ආර්.පී’ විපක්ෂ දේශපාලන පක්ෂය, කාම්බෝජයේ තහනමට ලක් කෙරුණු පක්ෂයකි.
මෙම පක්ෂයේ සාමාජිකයෝ, කාම්බෝජ රජයේ මර්දනයට ලක් වෙති. ‘සී.එන්.ආර්.පී’ විපක්ෂ පවසන්නේ, කාම්බෝජ රජය මෙම ඝාතනය පසුපස සිටින බවය. මෙම ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයක් බව සැක කරමින් පොලිස් විමර්ශන ආරම්භ කළ බව තායිලන්ත පොලිසිය ද පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාම්බෝජ මන්ත්‍රීවරයෙක් තායිලන්තයේදී මරා දැමේ