IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය අභ්‍යවකාශයට පවා පෙනෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

කුම්බමේලා ආගමික උත්සවය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ප්‍රයාග්රාජ්හිදීය. සෑම වසර 12 කට වතාවක් පැවැත්වෙන කුම්බ මේලා උත්සවය මෙවර දින 45 ක් පුරා පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි. මෙම වසරේ ද මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන් මෙම උත්සවයට සහභාගී වනු ඇති බව ද අපේක්ෂා කෙරේ.

උත්සවයේ ආරක්ෂාවටත්, පැමිණෙන බැතිමතුන් ඇතුළු පිරිස පාලනයටත් පොලිස් නිලධාරීන් 40,000 ක් ද ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂයක පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්

prabash Tuesday, 14 January 2025 02:13 PM

සැමරුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි අහිංසක සත්තු මරන වැඩ නොකර. බිලීපූජා කිසිම වැඩකට නැති පාප කර්මයක්... ඒවා නොකර පූජා තියන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 254 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site