IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කැනඩාවේ සුළුතර රජයක්

කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට සූදානම් වෙයි.

කැනඩා මහ මැතිවරණය පැවැත්වූයේ අසල්වැසි ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන හමුවේය. ට්‍රම්ප් කැනඩාවට තීරු බදු පනවා ඇති අතර, එය එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

ඊට අමතරව ඇමෙරිකන් ජනාධිපතිවරයා කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් ලෙස ඇමෙරිකාවට එක් කර ගන්නා බවට ද තර්ජනය කර ඇත. මැතිවරණය පැවැත්වූයේ මෙම තර්ජන මධ්‍යයේය.

කැනඩා පාර්ලිමේන්තුවේ ආසන 343 ක් වෙනුවෙන් ඡන්දය පැවැත්වුණු අතර, බහුතරය සඳහා ආසන 172 ක් දිනා ගැනීම කළ යුතු විය. 

කෙසේ නමුත් මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 169 කි. විපක්ෂයට ආසන 144 ක් හිමිවිය. සුළුතර රජයක් පිහිටුවීම සිදුවූයේ ඒ අනුවය.

ජය සමරමින්, ඔටෝවා අගනුවරදී, මාර්ක් කාර්නි සිය පක්ෂ ආධාරකරුවන් පමණක් නොව, කැනඩා වැසියන් ද ආමන්ත්‍රණය කළේය. ඔහු කියා සිටියේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට තම රජය බියක් නොදක්වන බවත්, ට්‍රම්ප්ගේ තර්ජනවලට මුහුණ දීමට කැනඩාවට හැකි බවත්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කැනඩාවේ සුළුතර රජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site