IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කටාර් සංචාරය අවසන් ට්‍රම්ප් එමිරේට්ස් රාජ්‍යයේ

සෞදියේත්, කටාර් රාජ්‍යයේත් නිල සංචාර අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා පැමිණියේය. මෙය ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේ අවසන් නැවතුම විය.

එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් එරට සිවිල් වැසියකුට පිරිනමන ඉහළම ගෞරය සම්මානය ට්‍රම්ප්ට පිරිනැමීමට ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් කටයුතු කළේය.

ඇමෙරිකාවත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතරේ ව්‍යාපාර සහ හමුදා ගනුදෙනු සඳහා ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 10 ක ගිවිසුම්වලට අත්සන් තැබුණු බව ද වාර්තා වේ. 

ඊට අමතරව, ඉදිරි වසර 10 කාලය පුරාවට, ඇමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට අදාළව, ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 1.4 ක් ආයෝජනය කිරීමට ද එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එකඟත්වය පළ කළේය.

කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශනේ ද සාමය ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව ඉදිරියටත් ඇමෙරිකාව සමඟ සුහදව කටයුතු කරන බව එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පැහැදිලි කළේය.

ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ ඩුබායි පිහිටි බර්ජ් කලීෆාය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ නිල සංචාරය නිමිත්තෙන්, බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඇමෙරිකන් ධජයේ පැහැයෙන් ඒකාලෝක වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කටාර් සංචාරය අවසන් ට්‍රම්ප් එමිරේට්ස් රාජ්‍යයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site