IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි. 

කොංගෝ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 500 කට වැඩි පිරිසක් අවතැන් වුණු බවත්ය.

මහ වැසි සමඟ පිටාර ගැලුවේ, ජීලී ගංගාවය. මෙම ගංගාව, මිලියන 17 ක් වාසය කරන කින්ෂාසා අගනුවර මැදින් ගලා බසින ප්‍රධාන ගංගාව වෙයි.

ජීලී ගංගාව පිටාර ගැලීමෙන්, අගනුවර ප්‍රධාන මාර්ගය මුළුමනින්ම යට වී ගියේ ගමනා ගමන කටයුතු අඩපණ කරමිනි. ජල ගැලීමත් සමඟ මාර්ගයේ තැනින් තැන සිරවුණු පිරිස්, පැය ගණනක් කොටු වී සිටි බව පැවැසෙයි. ඇතැමුන් ඔවුන්ගේ මෝටර් රථ තුළ රැය පහන් කළ බව ද වාර්තා වේ.

ගංගාව පිටාර ගලද්දී, ගංගාව අසලින් ඉදි කර තිබුණු නිවාස පෙළක් කඩා වැටුණු බව පැවැසෙයි. මියගිය වැඩි දෙනා එම නිවාසවල වැසියන්ය. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු එම කඩා වැටුණු නිවාසවල සිටි බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site