
ඔස්ටේලියා අගමැති ඇන්තනි ඇල්බනීස්, රුසියාවට දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කළේය. ඒ, රුසියන් යුක්රේනයේ දී යුක්රේන හමුදාවට එක් වී රුසියන් හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටි ඔස්ටේලියානු ජාතික තරුණයකු රුසියන් ප්‍රහාරයකින් මියයෑම සම්බන්ධයෙනි.
ඔස්කාර් ජෙන්කින්ස් නමැති මෙම තරුණයා, මෙල්බන් නුවර ගුරුවරයෙකි. මොහු යුක්රේන හමුදා සමඟ එක් වී ඇත්තේ ස්වේච්ඡාවෙනි. ඔහු සටන් බිමේ දී මරණයට පත් වුණු බව මාධ්‍ය වාර්තා කර ඇති අතර, ඇල්බනීස් එම මාධ්‍ය වාර්තාවලට අනුව, රුසියාවට පවසා ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධයේ දී ඔස්ටේලියා වැසියන්ට අනතුරක් වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් කිසිම අයුරකින් රුසියාවට සමාව නොදෙන බවය.
මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd