IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා

එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ.

මෙම තරුණයා මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටියේ පියා ද සමඟය. තරුණයා ඔරුව පිටින් තල්මසාගේ මුඛය තුළට යන අයුරුත්, තල්මසා පසුව තරුණයා සහ ඔරුව පිටතට දමන අයුරුත් එම වීඩියෝ දසුන්වල සටහන් වී ඇත.

එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒය බිහිසුණු අත්දැකීමක් වූ බවත්, තල්මසාගේ මුඛය තුළය ගිය තමන්ට මරණ බිය දැනුණු බවත් 24 හැවිරිදි ඒඩ්‍රියන් සිමන්කාස් නමැති එම තරුණයා පවසා ඇත.

එම අවස්ථාවේදී මුහුදේ පිහිනමින් සිටි කුඩා මාළු රංචු ගිලිමින් සිටි යෝධ තල්මසා ඒඩ්‍රියන් සිමන්කාස් සහ කුඩා ඔරුව මුඛයට ගත්තේ අත්වැරදීමකිනි.

එස්කිමෝ ඔරුවක (කායැක්) යනු තනි පුද්ගලයකු හබල් ගාන කුඩා ඔරුවකි. මෙම ඔරු එක්ස්කිමෝවරුන් විසින් බහුලව භාවිතයට ගනී. එහෙයින් එස්කිමෝ ඔරු යනුවෙන් ද මේවා හැඳින්වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා

Ahmed (Gulf) Friday, 14 February 2025 11:59 PM

ජෝනාගේ සහෝදරයා...!

:       0       0

Magalan kumara Saturday, 15 February 2025 12:23 PM

බෝට්ටුන නිසා කොල්ලා බේරුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 596 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site