
දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත.
‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද වෙයි.
යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර තිබේ. දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය.
දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.
(රොයිටර්)
COMMENTS
මෙහේ ජේ.වී.පී එකෙන් කැඩිලා ගිය කට්ටියක් ද දන්නේ නැහැ. වැඩකට නැති කතා කියවන්නේ.
දකුණු අප්රිකාවෙත් ජෙප්පෝ ඉන්නවද?
අන්න.නියම දේශප්‍රේමියො.ඒකට අපෙ.නේද?.
ලංකාවෙන් ගෙනියපු ඒවත් ආපසු දියල්ල .
දකුණු අප්‍රිකාව නිවාඩු දිනයක් ප්‍රකාශ කරලා නැත්ද?
ඇත්ත. අපටත් තියනව පාලන කාලයේ ගෙනගිය පැරණි වත්කම් රැසක් අයකර න්නන.
පෙර රජවරු නායකයින් කල වැරදි වර්‍රතමාන රජවරු නායකවරු අවංකනම් සාදාරනනම් හරිගස්සාවි
යටත් විජිත පවතී යුගයේ බ්‍රිතාන්‍ය පාලකයන් පැහැර ගත් හෝ ගෙනගිය දේවල් එම රටවල් ඉල්ලා සිටින එක අලුත් දෙයක් නොවෙයි.
හිත උණු නොවෙන කලු ගලක් ලංකාවෙන් මල ගෙදර ආව. ඒ වෙනුවට එයාව තියා ගන්න.
අනිවාර්යයෙන් ජේ.වී.පී එකෙන් ඇඩ්වයිස් අරගෙන වගේ.
දුන්න දේ ඉල්ලන එක හොඳද?
පිස්සු කියවනව, ඔය දියමන්ති වගේද අපෙන් කොල්ල කාපුව. මැනික්,මුතු අලිඅතුන් මරල ගෙනියපු දල, ගජමුතු...මෙහෙම ලිස්ට් එකක් දීල නැව් 100 විතර බඩු...අපෙ දේශ ෙප්මෙියො රටෙ ඉදගෙන මෙ රටටම කෙලවනව.
ලෝකයේ රටවල් වලින් බ්‍රිතාන්‍ය රජ පවුල් මංකොල්ලකාපු බඩු ආපසු දෙන්න ගියොත් උන් ලංකාව වගේම බංකොලොත් වෙනවා ශුවර් !
බමුණා නම් වහලෙක් බව කවුරුත් දන්නවා. දසුන් කියලත් වහලෙක් ඉන්නවා කියලා දැක්කේ අදනෙ බොලේ...!
රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් වත් දකුණු අප්‍රිකාවට ගොඩ බැහැලද කියලයි මම මේ බැලුවේ? සුද්දොත් තියලා ගිය රාජසිංහ රජ්ජුරුවන්ගේ රත්තරන් කඩුවත් හොරා කාපු එවුන් ඉන්න රටක් මේක. පුහු දේශප්‍රේමේ පෙන්නලා රටක් නෙමේ ලෝකයක් මංකොල්ල කන්න පුළුවන් තක්කඩි හපන්නු ඉන්න රටක් මේක.
දකුණු අප්‍රිකාව සංවර්ධිත රටකි. ලංකාව සුද්දන්ගෙන් හිඟා කා රජයේ සේවකයන්ට පඩි ගෙවන රටකි, ඒ නිසා සන්සදනයෙන් වලකින්න.
මෝඩයෙක් දේශපාලනය අල්ලගෙන දඟලනවා අපේ රටෙන් මංකොල්ල කාපුවා ඉල්ලන්න එකෙක් වත් නෑ
අපි දකුණු අප්‍රිකානුවන් නොවිය යුතුයි!
ඉංග්‍රීසිකාරයින් අනෙක් රටවලින් ගත්තු දේවල් ආපහු දෙන්න ගියොත් එංගලන්තය තිබුණු තැනවත් හොයාගන්න අපහසු වෙයි.
හැම දේටම jvp කිය කියා මැරෙන්න එපා... ඔයාලා කවුද?
සුද්දන්ට බැන බැන සුද්දන්ගෙන්ම හිඟාකන සුද්දන්ගේ රටවල් වලට යන්න බලන් ඉන්න බොහොම බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක් ලංකාව..
අපෝ ජෙප්පන් එහෙත් ඉන්නවාද?
දකුණු අප්‍රිකාව, එංගලන්තය යටත් කරගත්තා නම් ඔවුනුත් කරන්නේ එංගලන්තයේ තිබෙන වස්තුව තම රටට ගෙනයාමයි. එහෙම වුණා නම් ඔය දේශප්‍රේමියන් ඒවා ආපසු දෙනවද?