
ලිංගික අපරාධකරුවකු මෙන්ම, මූල්‍ය වංචා රැසකට ද සම්බන්ධ යැයි චෝදනා ලැබූ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඇමෙරිකන් කොංගස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
ඇමෙරිකන් කොංග්‍රසය යනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ එකතුවය. ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඊට අදාළ පනත් කෙටුම්පත කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්ද 427-1 ක් ලෙස පනත් කෙටුම්පත අනුමත කර ගත් අතර, සෙනෙට් මණ්ඩලය කිසිදු විධිමත් ඡන්දයකින් තොරවයි පනත් කෙටුම්පත ඒකමතිකව අනුමත කරගත් බව පැවැසෙයි. ප්‍රසිද්ධ මූල්‍යවේදියකු වූ ජෙෆ්රි එප්ස්ටයින් 2019 අගෝස්තු 10 වැනිදා දිවි නසා ගත්තේය. ඒ, නිව්යෝක් නුවර මැන්හැටන් රැඳවුම් මධ්‍යස්ථානයක සිටියදීය.
එප්ස්ටයින් ධනවත් පුද්ගලයන් සහ දේශපාලනඥයන් සමඟ පැවැත්වූ සමීප සබඳතා හේතුවෙන් ප්‍රසිද්ධ විය. 2008 දී බාලවයස්කාර දැරියන් සම්බන්ධ ලිංගික අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු, 2019 දී එප්ස්ටයින් නැවතත් බාලවයස්කාර දැරියන් ජාවාරම් කිරීමේ ෆෙඩරල් චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණි. නඩු විභාගයට පෙර සිර මැදිරිය තුළදී එප්ස්ටයින් මියගිය අතර, එය දිවි නසා ගැනීමක් ලෙස තීන්දු කෙරුණි.
ට්‍රම්ප් සහ එප්ස්ටයින් අතර මිත්‍රත්වය 1980 ගණන්වල සිට 2004 තෙක් පැවැතිණි. එප්ස්ටයින්ගේ අපරාධ හෙළිදරව් වීමෙන් පසු තමන් වසර 15 ක් තිස්සේ එප්ස්ටයින් සමඟ ඇයිහොඳයිකමක් පැවැත්වූයේ නැතැයි ට්‍රම්ප් පවසා ඇත. එසේ වුවත්, පිටු 2,000 කින් සමන්විත එප්ස්ටයින් සම්බන්ධ ලිපිගොනුවල ට්‍රම්ප් ගැන ද සඳහන් යැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘එප්ස්ටයින්’ ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමේ කෙටුම්පතට අනුමැතිය