ග්වාතමාලාව හරහා හමා ගිය එටා සුළි කුණාටුවෙන් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබේ.
කන්දක් කඩාවැටීම හේතුවෙන් නිවාස 20ක් පමණ මඩවලට යටවී ඇතැයි ග්වාතමාලා ජනපති අලිසැන්ද්‍රෝ ගමාතේ පවසයි.
ගංවතුරින් නිවාස සහ වාහන යටවී ඇති අතර දේපල හානි සිදුවී තිබේ.කාලගුණ අංශ පවසන්නේ එක් දිනක් තුළ දැඩි වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි.
නිකරගුවාවට හා අසල්වැසි හොන්ඩ්‍යුරාස් දේශයට ද එටා සුළි කුණාටුවෙන් හානි සිදුවී තිබේ.
මෙම රටවල් ඇතුලත් වන මධ්‍යම ඇමරිකානු කළාපයේ පමණක් එටා කුණාටුව හේතුවෙන් පුද්ලයන් 70 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එළඹෙන සති අන්තයේ කියුබාවට හා ෆ්ලොරීඩාවට ඊසාන දෙසින් තවදුරටත් ශක්තිමත්ව කුණාටුව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකා එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
බීබීසී ඇසුරිණි
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එටා සුළි කුණාටුවෙන් 50ක් මරු දකිති